Gossips

පැය 34 ක මෙහෙයුමකින් වන අලියෙකු බේරා ගනී (ඡායාරූප)

සීගිරිය කණ්ඩලම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන් විසින් ගොඩගෙන කැලයට මුදාහැරුනා.
ඊයේ අලුයම 5 ට පමණ වගා ළිඳට වැටී ඇති මෙම වන අලියාගේ එක් ඇසක් නොපෙනෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එම සත්වයාගේ එක් පාදයක් මඩේ එරී තිබීම හේතුවෙන් ගොඩ ගැනීම අසීරු වී තිබුනා.
ඊට බැකෝ යන්ත්‍ර ද යොදා ගනිමින් වන ජීවී නිලධාරීන් සිදු කළ උත්සාහය අසාර්ථක වුනා.
පසුව අද සීගිරිය, බකමූණ, ගිරිතලේ, මින්නේරිය, පොළොන්නරුව මෙන්ම ඇලහැර ඇතුලු වනජීවි කාර්යාලවල නිලධාරීන් පැමිණ ප්‍රදේශවාසීන්ගේ ද සහයෙන් අලියා ගොඩගෙන තිබෙනවා.
ඒ අනුව එම මෙහෙයුමට ගතවූ කාලය පැය 34 කට ද අධිකයි.
වෙඩි වැදුනු තුවාල රැසක් ද සිරුරේ තිබු මෙම අලියාට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර ද කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.



ඡායාරූප – දඹුල්ල කාංචන කුමාර