ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඊයේ දිනයේදී ඔහුගෙන් පැය නවයකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකළ අතර, ඉන් අනතුරුවයි යළි අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇත්තේ.
ඊයේ දිනයේදී ඔහු පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
පසුගිය අඟහරුවාදා නාලක සිල්වාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදවීමක් කර තිබූ අතර ඔහු එදින නොපැමිණියේ සිය දරුවා අසනීප වී ඇති බව පවසමින්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් මොහුගෙන් ප්‍රශ්න කෙරෙනවා.
