Gossips

පැය 04 ක මෙහෙයුමකින් 2630 දෙනෙකු අත්අඩංගුවට

අද (28) අලුයම 4 සිට පෙරවරු 8 දක්වා පැය 4 ක කාලයක් දිවයිනේ සියලූ පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 938 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී බීමත් රියදුරන් 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, විවිධ අපරාධ සදහා අවශ්‍යව සිටි සැකකරුවන් 733 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මීට අමතරව, මෙම මෙහෙයුමේදී රථ වාහන නඩු 8276 ක් ලබාගෙන තිබෙනවා.
බලපත්‍ර නොමැති ගිනි අවි සමග දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට පත්වුනා.
බලපත්‍ර නොමැතිව වැලි ගොඩදැමීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.