Gossips

පැමිණිලි විභාගයකට ගිය කොස්තාපල්වරයෙකුට අතවර චෝදනා

කාන්තාවකට ලිංගික අතවර කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරිමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ගලේවෙලදී අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලේවෙල – බෙලියකන්ද ප්‍රදේශයේ පිහිටි නිවසේ රැදී සිටියදී 35 හැවිරිදි තම බිරිදට පොලිස් කොස්තාපල්වරයා අතවර කල බවට ඇගේ සැමියා විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ පැමිණිලි කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිය අවුරුදු එකහමාරක් පමණ වයස දරුවා සමග සිටියදී නිල ඇදුමින් නිවසට පැමිණි පොලිස් කොස්තාපල්වරයා මෙලෙස අතවර කල බවට අදාළ කාන්තාව පසුව පොලිසිය පැමිණිලි කර තිබෙනවා.
එසේම, නැවත වරක් තමන් පැමිණෙන බව පවසමින් ඔහු පිටව ගිය බවයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
සැකකරු වහකෝට්ටේ – වෙලංගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ගලේවෙල පොලිසියට අනුයුක්තව සේවය කරනවා.
ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ.