Gossips

පැමිණිලි ලැබුණොත් පරීක්ෂණ කරන බව බස්නාහිර ආණ්ඩුකාර කියයි

බස්නාහිර පලාත් සභාවේ සභාවාරය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ බව කියන සිද්ධියට අදාළව පැමිණිල්ලක් ලැබුණහොත් වහාම පරීක්ෂණ පවත්වා ඊට එරෙහිව කටයුකු කරන බව පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අයවැය ඉදිරිපත් කරන අතරතුර කිසිදු මන්ත්‍රීවරයෙකුට ඊට සවන්දීම හැර වෙනත් කාර්යයක නිරතවීමට හැකියාවක් නොමැති බවයි.
පළාත් සභාවේ නව ගොඩනැගිල්ලේ සවිකර තිබු ටැබ් පරිඝණක භාවිතා කරමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුගියදා මෙලෙස අසභ්‍ය දර්ශන නරඹා ඇති බවට වාර්තා පළ වුණා.
අධික මුදලක් වැය කරමින් නවීන තාක්ෂණික උපකරණ ද සහිතව බස්නාහිර පළාත් සභාවේ ඉදිකල නව ගොඩනැගිල්ලේ පළමු සැසිවාරය ආරම්භ කෙරුණේ පසුගිය 19 වැනිදායි. එදින පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් ලබන වසර සඳහා පලාත් සභාවේ අයවැය ද ඉදිරිපත් කරනු ලැබුවා.