පැපොල රෝගය පැතිර යාම හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ සහ ව්‍යවහාරික විද්‍යා පීඨ, ලබන මස 3 වනදා සිට විභාග කටයුතු සදහා පමණක් විවෘත කෙරෙනවා.
එම විශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේ වසා දැමුණු එහි සියලූම පීඨ අනිද්දා ආරම්භ වීමට නියමිතව තිබුණත්, ජල හිගය නිසා එය සිදුකළ නොහැකි බවයි.
ඒ අනුව, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ සහ ව්‍යවහාරික විද්‍යා පීඨවල සිසුන් පමණක් ලබන දෙවනදා පස්වරු 4 ට පෙර නේවාසිකාගාර වලට වාර්තා කළ යුතු වනවා.
