Gossips

පැපොල නිසා රජරට පීඨ 3 ක් වසයි

රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 26 වනදා දක්වා වසා දමා තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සඳහන් කළේ මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණික විද්‍යා යන පීඨ ඊයේ දහවල් සිට මෙලෙස වසා දමා ඇති බවයි.
මෙම පීඨ තුනෙහි සිසු සිසුවියන් අතර, පැපොල රෝගය පැතිරයාම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.
එමෙන්ම මෙම පීඨ තුනේ සිසුන් 44 දෙනෙකුට පැපොල රෝගය වැළඳී තිබුණු බවත්, තවත් සිසුන් පිරිසක් පාචනය සහ වෛරස් උණ රෝගී තත්ත්වයකට ගොදුරුවී තිබූ බවත් වාර්තාවනවා.