Gossips

පැපොල නිසා රජරට කෘෂි පීඨය වැසේ

රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර පිහිටි කෘෂි විද්‍යා පිඨයේ සිසුන් අතර පැතිර යන පැපොල රෝගය නිසා එම පිඨය වසා දමා තිබෙනවා.
කෘෂි විද්‍යා පීඨයේ සිසුන් පිරිසකට පැපොල රෝගය වැලදීම හේතුවෙන් අනෙකුත් සිසුන් අතරත් එය පැතිරී යාම වැලැක්වීම සඳහා ලබන මස 06 වනදා දක්වා සති දෙකක කාලයකට එම පීඨය වසා දැමීමට තීරණය කළ බවයි රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන සඳහන් කළේ.
සාලියපුර කෘෂි විද්‍යා පීඨයේ සිසුන් 350ක් පමණ අධ්‍යාපනය ලබන අතර නේවාසිකාගාරවල සිටින සිසුන් ඊයේ පස්වරුවේ ඉන් ඉවත්ව තිබෙනවා.