Gossips

පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුවට පොලීසිය සහ හමුදාව කඩාවදී

පැපුවා නිව්ගිනියා පාර්ලිමේන්තුවට එරට පොලීසිය සහ හමුදාව කඩාවැදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආසියානු – පැසිෆික් ජාත්‍යන්තර සමුළුවට ආරක්ෂාව ලබාදුන් සිය නිලධාරීන්ට ගෙවිය යුතු මුදල් ලබා නොදීම හේතුවෙන් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ ජනේල සහ ගෘහභාණ්ඩවලට පොලීසිය සහ හමුදාව දැඩි අලාභහානි සිදුකර ඇති අතර, සමුළුවට ආරක්ෂාව ලබාදුන් එක් නිලධාරියෙකු වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 104 ක් ගෙවීමටයි මීට පෙර පොරොන්දු ලබාදී ඇත්තේ.