පැපුවා නිව්ගිනියාවේ නොගැඹුරු මුහුදේ රික්ටර් මාපක 6.9 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. 
විදෙස් වාර්තා සදහන් කළේ මෙම භූකම්පනයේ බලපෑම හේතුවෙන් එරට වෙරළ ආශ්රිත ප්රදේශවලට සුනාමි අවදානමක් ද පවතින බවයි. 
භූ කම්පනය හේතුවෙන් සිදුවී ඇති හානි පිලිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. 
පෙබරවාරි 26 වනදා ද එරට – එංගා ප්රාන්තයේ සිදුවූ රික්ටර් මාපක 7.5 ක භූ කම්පනයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගියා.



