Gossips

පැපුවානිව්ගිනියාවේ ෆේස්බුක් තහනම්

ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මසක කාලයක් රට තුළ තහනම් කිරීමට පැපුවානිව්ගිනියා රාජ්‍යය තීරණය කර තිබෙනවා.
විශේෂයෙන් අසත්‍ය තොරතුරු හුවමාරුවීම වැළැක්වීම මෙහි අරමුණ වී ඇති අතර, අදාළ කාලය තුළ ගිණුම් හිමියන් සෝදිසි කිරීමකට ලක් කරන බවයි එරට ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
එසේම ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය හා සමාන සමාජජලා වෙබ් අඩවියක් ඉදිරියේදී හඳුන්වා දීමට පියවර ගන්නා බව ද පැපුවානිව්ගිනියා රාජ්‍යය සඳහන් කර තිබෙනවා.