Gossips

පැන පැන යන කතරගම සැකකරු අද හෙට අත්අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි

කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු, තවත් නොබෝ දිනකින් අත්අඩංගුවට ගත හැකි බවට පොලීසිය විශ්වාසය පළ කරනවා.
එම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර කොළඹ ප්‍රදේශයේ සැඟව සිටින බවටයි දැනට අනාවරණ වී ඇත්තේ.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ සැකකරු තැනින් තැනට පලා යමින් සිටින බවයි. ඒ අනුව, එම ස්ථාන පරීක්ෂා කරමින් අඛන්ඩව පරීක්ෂණ සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, මොණරාගල ඊයේ (15) පැවැති උත්සවයකින් අනතුරුව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ මෙම සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.