Gossips

පැනමාවේ උරගයෙකුට ට්‍රම්ප්ගේ නම

පැනමා රාජ්‍යයෙන් සොයාගත් උරගයෙකු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර තිබෙනවා.
අදාළ උරගයා සොයාගත් පැනමාවේ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ මෙම උරගයා බොහෝ අවස්ථාවල හිස පහතට නමාගෙන නිද්‍රාශීලී අයුරින් රැඳී සිටින බවයි.
ඇතැම් දේශගුණික ගැටළුවලට පිළිතුරු ලබාදීමේදී ඇමරිකානු ජනාධිපතිවරයාද එවැනි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන නිසා ඔහුගේ නමින් මෙම උරගයා නම් කිරීමට තීරණය කල බව එම විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා.