Gossips

පැකට්වල අඩංගු හෙරොයින් ප්‍රමාණයේ අඩුවක්

වෙළඳපොලේ අලෙවි කරන හෙරොයින් පැකට්ටුවක අඩංගු හෙරොයින් ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සිදුකරන විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
එසේම හෙරොයින් ග්‍රෑමයක මිල, රුපියල් 1000 කින් පමණ මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලයේ සභාපති මහාචාර්ය සමන් අබේසිංහ ප්‍රකාශ කළේ.
සාමාන්‍යයෙන් හෙරෙයින් පැකට්ටුවක සියයට 60 ත් 70 ත් අතර ප්‍රමාණයක් හෙරොයින් අඩංගුව තිබෙන නමුත් ඇතැම් පැකට්ටුවල මේ වනවිට එම ප්‍රමාණය සියයට 30 දක්වා අඩුවී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ප්‍රකාශ කළා.
මේ දිනවල සිදුකරන වැටලීම් හේතුවෙන් වෙළඳපොළේ හෙරොයින් හිඟයක් මතුවීම මීට හේතුවී ඇති බවයි එහි සභාපති මහාචාර්ය සමන් අබේසිංහ පෙන්වා දුන්නේ.