Gossips

පාසල තුළ දී සිසුවියකට ලිංගික අපයෝජනය කළ, විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සිසුවිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි.
විදුහල්පතිවරයා විසින් පාසල තුළ දීම තමාව අපයෝජනය කළ බවටයි සිසුවිය තම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.