Gossips

පාසලේ දබරයකට, සිසුවෙකු ගෙළ වැළලා ගනී

ලිදුල – බෙයාර්විල් වතු යායේ නිවසක් තුල 12 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.
අද(27) පෙරවරුවේ මෙම දරුවා පාසලට යාම සඳහා සූදානම්ව සිටියදී නිවසේ සිය කාමරයේ බාල්කයේ ලණුවක් ආධාරයෙන් ගෙල වැළලාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ සිසුවා ඊයේ (26) පාසලේදී සිසුන් සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් සිත් තැවුලට පත්වී මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.