Gossips

පාසලේම ආදරය දිනාගත් ගුරුවරිය ගෙළවැලලාගෙන සියදිවි හානිකරගනී

පාසල් ගුරුවරියක් ගෙළවැලලාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 32 හැවිරිදි Anna McLeod නමැති ගුරුවරියක්.
ඇය ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස එරට කාන්තා විද්‍යාලයක සේවය කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීමේ විශේෂත්වය වන්නේ ඇය නිරන්තරයෙන් තමන්ගෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට ආත්ම විශ්වාසය සහ තමන් පිළිබඳව විශ්වාස කරන ලෙස උපදෙස් ලබා දී තිබීමයි.
කෙසේ වෙතත් ඇයගේ මරණයෙන් පසුව හෙළිවී ඇත්තේ මෙම ගුරුවරියක් කාලයක් තිස්සේ මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති බවයි.
කෙසේ වෙතත් ඇය සිය පංතිකාමරය තුළදී ඉතාමත් කාරුණික ගුරුවරියක් වී ඇති අතර නිරන්තරයෙන් දරුවන් සමඟ යහපත් සම්බන්ධතා පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එහිදී දරුවන්ගේ සතුට වෙනුවෙන් ඇය තමන්ගේ ඉගෙන්නුම් කාලසීමාව තුලදී වැඩි ඉඩක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.