Gossips

පාසලේදී ඇද වැටීමෙන් සිසුවෙක් මරුට

යාපනය සුළිපුරම් ප්‍රදේශයේ පාසල් සිසුවෙකු පාසලේදී ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.
පෙරේදා මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අවුරුදු 9 ක් වයසැති සිසුවෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ඔහු යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.
මෙම සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වුනා.
එහිදී අනාවරණ වී ඇත්තේ අභ්‍යන්තර රුධිරවාහිනියක් පුපුරා මරණය සිදුව ඇති බවටයි.
එය ස්වභාවික හේතුවක් මත සිදුවූ මරණයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.
අවසන් කටයුතු සඳහා සිරුර ඥාතීන්ට භාරදී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.