වේයන්ගොඩ තල්ගස්මොටේ අමුණ අසල දී ඇල්ල ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
අද සවස 1.30 ට පමණ ඔවුන් දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන මෙම ළමුන් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සඳහන්.
