Gossips

පාසල් ළමයින්ට රසකැවිලි ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක්

පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් රසකැවිලි ආකාරයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ශ්‍රී ලංකා රේගුව අනතුරු අඟවනවා.
එමඟින් සිය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති පණිවුඩයක දැක්වෙන්නේ ස්ට්‍රෝබෙරි රසයෙන් යුත් රසකැවිලි වර්ගයක් ලෙස දැනටමත් අදාළ මත්ද්‍රව්‍ය පාසල් ආශ්‍රිතව පැතිර යන බවයි.
අදාළ රසකැවිලි වර්ගය ආහාරයට ගත් ළමයින් රෝහල් ගතකිරීමට පවා සිදුව ඇති බවද සඳහන්.
මෙම මත්ද්‍රව්‍ය චොකලට්, චෙරි, කෝලා, මිදි හෝ දොඩම් ආදී විවිධ රසවලින්ද සකස් කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
මේ නිසා නාඳුණන පුද්ගලයන් ලබාදෙන රස කැවිලි පාරිභෝජනය නොකරන ලෙසත් එවැනි සිද්ධීන් පිළිබඳව ගුරුවරුන් සහ දෙමාපියන් දැනුම්වත් කරන ලෙසත් රේගුව ළමයින්ට අවවාද කරනවා.