Gossips

පාසල් ළමයින්ට යළිත් නිළ ඇඳුම්

පාසල් සිසුන්ට යළි නිළ ඇඳුම් රෙදි ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය රජය විසින් ආරම්භ කළ නිළ ඇඳුම් සඳහා ලබාදුන් වවුචර් ක්‍රමය අවලංගු කොට යළි පැරණි ක්‍රමයට රෙදි ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව ද එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
ඒ අනුව වාර අවසන් නිවාඩුවට පෙර සිසුන්ට නිළ ඇඳුම් රෙදි ලබාදීමට සියළු කටයුතු යොදා තිබෙනවා.