Gossips

පාසල් ළමයින්ට මත්පෙති අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

පාසල් ළමයින්ට අලෙවි කිරීම සඳහා මත්පෙති ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු තෙල්දෙණිය දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බවයි වාර්තාවන්නේ.
ඔහු සන්තකයේ තිබී මත්පෙති 40 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.