Gossips

පාසල් සිසුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී තරුණියක් ජීවිතක්ෂයට

පාසල් සිසුවෙකු විසින් පදවන ලද ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මැණික්හින්න – පිහිටිය අතුරු මාර්ගයේ සුන්දරපල්ලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද රථය, වෑන් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන්.
ඊයේ (28) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි මැණික්හින්න ප්‍රදේශයේම පදිංචි තරුණියක්.
අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථය පැදවූ 16 හැවිරිදි පාසල් සිසුවා මේ වනවිට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.