Gossips

පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට

හම්බන්තොට – අම්බලන්තොට – මාමඩල ඇළේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (05) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පාසල් නිවාඩු සමයත් සමඟ සිය මිත්තණියගේ නිවසට ගොස් තවත් කිහිප දෙනෙකු සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මොහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙක්.