Gossips

පාසල් සිසුවෙකුට බෝම්බයක් පෑගෙයි

යාපනය මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයට ගිය පාසල් සිසුවෙකුට ඊයේ (08) සවස බිම් බෝම්බයක් පෑගී බෝම්බය පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පලෙයි සහ කොඩිකාමම් පොලීසිය පවසනවා.
මුහමාලෙයි එලුදුමට්ටුවාල දකුණ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ජේ.එම්. නිදර්ශන් සිසුවා ඊයේ (08) සවස මුහමාලෙයි කැලෑවට ගොස් ඇත්තේ ලී කැපීමේ අවශ්‍යතාවකටයි.
නමුත් සිසුවා ගමන් කොට ඇත්තේ බිම් බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයක බැවින් සිසුවා කැලෑවේ තිබූ වැටක් තුලින් රිංගා යාමට උත්සහ කිරීමේදී පයට පෑගි තිබූ බිම්බෝම්බයක් එම අවස්ථාව්දී පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා තිබෙනවා.
බෝම්බය පුපුරා යාමෙන් සිසුවාගේ අත්වලට බරපතල හානි සිදුව ඇති අතරම සිසුවා පලෙයි රෝහලට ඇතුලත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය මහරෝහලට ඇතුලත් කොට ඇති අතරම හානි සිදුවූ එක් අතක් ඉවත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවටද රෝහල් වෛද්‍ය වරුන් පවසා ඇති බවට පරික්ෂණ සිදුකරන පලෙයි හා කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් පවසා සිටියා.