වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේදී පිරිමි දරුවෙකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 12 හැවිරිදි පිරිමි දරුවා බිය ගන්වා වසර දෙකක කාලයක් පුරා විටින් විට අපයෝජනය කර ඇතැයි සඳහන්.
හඳපානාගල ප්‍රදේශයේම පදිංචි සැකකරු 28 හැවිරිදි අයෙක්.
අපයෝජනයට ලක්වූ සිසුවාගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිසුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.