Gossips

පාසල් සිසුවියගේ අසභ්‍ය වීඩියෝවක් අනතර්ජාලයට දැමූ පාසල් සිසුවාට වූ දේ

16 හැවිරිදි සිසුවියක් උසස් පෙළ හදාරණ සිසුවෙකු සමඟ ඇති කර ගත් සබඳතාවක් මත ඇය සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඒවා පටිගත කර පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇයව බලහත්කාරයෙන් ලිංගික ක්‍රියා සඳහා යොදාගත් පුවතක් ගාල්ලෙන් වාර්තාවනවා.
ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන එම දැරිය ගාල්ල ප්‍රදේශයේම ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස් පෙළ හදාරණ සිසුවෙකු සමඟ පැවැත්වූ සම්බන්ධතාවක් හේතුවෙන් සිසුවා විසින් එම දැරිය රූමස්සල කන්දට කැඳවාගෙන ගොස් ඇය සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඒවා පටිගත කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව නැවතත් තමා සමඟ ලිංගිකව හැසිරීම සඳහා එසේ පැමිණෙන ලෙස සිසුවා විසින් සිසුවියට පැවසීමේදී ඇය ඊට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් අදාළ වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇයව බිය වද්දා කිහිපවතාවක්ම ඔහු ඇය සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා.
අනතුරුව උසස් පෙළ සිසුවාගේ මිතුරන්ට ද ඔහු විසින් අදාළ වීඩියෝව ලබා දීම ‍හේතුවෙන් ඔවුන් විසින් ද සිසුවියට තර්ජනය කර බලහත්කාරකම් කිරීමට උත්සාහ දරා ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව දැරියගේ දෙමව්පියන් ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුම් දීමෙන් පසු අදාළ උසස් පෙළ සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ උසස් පෙළ සිසුවා විසින් දැරිය සමඟ පැවැත්වූ ලිංගික සම්බන්ධතා ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එය දැරියගේ අසල්වැසි පුද්ගලයෙකු විසින් භාගත කර ගෙන දැරිය අපහසුතාවට ලක්වන අන්දමින් ප්‍රදේශයේ පුද්ගලයින්ට එය පෙන්වා තිබෙනවා.
පසුව එම පුද්ගලයා ද පොලිස් අත්අඩංගුවට ගෙන අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ ඔහු එය මකා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව එම පුද්ගලයා සතුව තිබූ ජංගම දුරකථන 3 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර බද්දේගම උසාවියෙන් ලබා ගත් නියෝගයක් අනුව එම ජංගම දුරකථනවල ඇතුළත්ව තිබූ දත්ත පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා මොරටුව සරසවිය වෙත යවා ඇති බව ද වාර්තා වනවා.