පාසල් සිසුවියක් ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
වැල්ලවාය, ඇල්ල හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 18ක පාසල් සිසුවියක් මෙලෙස මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අදාල සිසුවිය මෙවර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමට සුදානමින් සිට ඇති අතර ප්‍රේම සම්බන්ධයක් මත ඇය මෙලෙස සියදිවි හානිකර ගන්නට ඇති බවට පොලිසිය සැකපල කරනවා.
ඉෂාරා නවෝදනී නැමැති සිසුවිය ඊයේ (13) රාත්‍රියේ සිය නිවස තුලදී සියදිවි හානිකරගෙන ඇති අතර එම අවස්ථාවේ දී ඇයගේ පියා ඇතුළු නිවැසියන් නිවසේ සිට ඇති බව සඳහන්.
සිසුවිය ගෙළ වැලලාගෙන සිටිනු දුටු නිවැසියන් ඇයව රෝහල් ගත කිරිමට කටයුතු කර ඇති ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට සඳහා මළ සිරුර වැල්ලවාය මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.