Gossips

පාසල් සිසුවියක් වෙනුවෙන් ගොනු වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභ කෙරේ

පාසල් ශිෂ්‍යාවක් දණ ගස්වා තැබීමට එරෙහිව ඇගේ මව විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) නියෝග කළා.
මෙම පෙත්සම ගොනු කර තිබුණේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකගේ මවක්.
මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් 9 දෙනෙක් මිනිත්තු 5 ක කාලයක් දණ ගස්වා තැබීමට පන්ති භාර ගුරුවරයා කටයුතු කර තිබුණේ ඔවුන් ඉංග්‍රීසි විෂයට අදාල පෙළ පොත රැගෙන ඒම පැහැර හැර තිබීම හේතුවෙන්.
ඉන් සිය දියණිය හිසංනයට ලක්වු බවට මව විසින් ළමා ආරක්ෂණ අධිකාරියට හා පොලිසියට පැමිණි කර තිබූ අතර ඊට අදාලව මිගමුව අධිකරණයේ නඩුවක්ද විභාග වනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන්ම සිසුවියගේ මව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළා.
එම පෙත්සම අද 22) සලකා බැලුණේ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
එහිදී වගඋත්තරකාර ගේට්වේ ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මූලික විරෝධතා මතු කළා.
එම විරෝධතා පිළිගත් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ ළමයෙකුගේ යහපත උදෙසා ගුරුවරයෙක් විසින් දෙනු ලබන මෙවැනි සුළු දඬුවමක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ලෙස සැලකිය නොහැකි බවයි.
ඒ අනුව පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.