Gossips

පාසල් සිසුවියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

අවුරුදු 15ක් පමණ වයසැති පාසල් සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි පුද්ගලයෙකු තලාතුඔය – ගුරුදෙනිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඇයගේ දෙමව්පියන් පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
මෙම පාසල් සිසුවිය මතුරට ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවනවා.