Gossips

පාසල් සිසුවියක් ගෙළවැළලාගෙන මරුට

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇති අද (08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙල වලලාගෙන මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව ටින්සින් වතුයායේ පදිංචි උසස්පෙල හදාරමින් සිටි මුත්තුමණි ප්‍රියවංශනි නැමති 18 හැවිරිදි පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.
අද අලුයම 3 ට පමණ අවදි වි ඇති පාසල් සිසුවිය පාඩම් කරන බව පවසා නිවසින් පිටතට පැමිණි තම නිවසේ වහලේ බාල්කයේ මවගේ සාරියකින් ගෙල වැලලාගෙන ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මිය ගිය සිසුවිය ගෙලවැලලාගෙන ඇති බව දුටු ඇයගේ නැගණිය නිවසේ සිටි පිරිසට දැනුම්දී ඇති ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පාසල් සිසුවිගේ පාද දෙක ගැට ගසා තිබිම හේතුවෙන් මෙය සිය දිව් හානි කරගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබදව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බගවන්තලාව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.