Gossips

පාසල් සිසුවියක් අපයෝජනය කළ ප්‍රධාන පාසලක විදුහල්පතිට අධිකරණය දුන් නියෝගය මෙන්න

පාසල් සිසුවියක් අපයෝජනය කළ ප්‍රධාන පාසලක විදුහල්පතිට අධිකරණය දුන් නියෝගය මෙන්න "
පාසල් සිසුවියක අපයෝජනය කළ කුලියාපිටියේ විදුහල්පතිවරයා රිමාන්ඩ්
වයස අවුරුදු 17ක පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයා ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිඛෙනවා.
ඒ, සැකකරු කුලියාපිටිය මහේස්ත්‍රාත් ජයනි එස්. විජේතුංග හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
පොලීසිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ අවස්ථා කිහිපයකදීම විදුහල්පතිවරයා විසින් එම දැරියව වාචිකවත්, කායිකවත් අතවරයට ලක්කර ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බවයි.
කෙසේ වෙතත් විදුහල්පතිවරයාට එරෙහි පාර්ශවයන් මෙම චෝදනාව එල්ල කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කර තිඛෙනවා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් 2007 වර්ෂයේ ළමාරක්ෂක අධිකාරියේ පර්යේෂණයකින් හෙළිවූ දත්ත අනුව එක් පාසල් වාරයක් තුළ ළමයින් සියයට 80කටම ශාරීරික දඬුවම් ලැබී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ සියයට 53ක් ශාරීරික අපයෝජන වලට ලක්වන බවයි.