Gossips

පාසල් සිසුවියක් අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන් වෙයි

හැටන් නුවරඑලිය මාර්ගයේ කොටගල නගර ආසන්නයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවියක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද සවස 4ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
හැටන් සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක පාසල් සිසුවියක් ගැටි අනතුරක් සිදුව ඇති බවයි දිඹුල පොලිසිය කියාසිටියේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්.
අනතුර සම්බන්ධයෙන් මොටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර දිඹුල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු වෙළඳසලක සවිකර තිබු CCTV කැමරා පද්ධතියක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.