Gossips

පාසල් සිසුවාට මරු කැඳවූ වසා තිබූ ගේට්ටුව (ඡායාරූප)

ගලේවෙල, කැප්පිටිය, රන්වැඩියාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු නිවසක් ඉදිරිපිට වසා තිබූ ගේට්ටුවක හැපී ඊයේ (24) රාත්‍රියේ මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි මොහොමඩ් ඉෆ්ශාන් නැමැති පාසල් සිසුවෙකුයි.
මියගොස් සිටි සිසුවා සහ තවත් සම වයසේ පසුවන සිසුන් කිහිපදෙනෙකු ඊයේ ප්‍රදේශයේ දේවස්ථානයට ගොස් ආගමික වතාවත් ඉටුකොට පසුව මිතුරන් තිදෙනෙකු සමඟ කැප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයේ පිටුපස රැඳී සිටි බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.
මියගිය සිසුවාගේ පියා පවසා ඇත්තේ තවත් මිතුරන් කිහිප දෙනෙකු සමඟ දුම්වැටි පානය සඳහා තම දරුවාද පාසල පිටුපස කැලෑබද ප්‍රදේශයකට ස්වරුවේ ගොස් සිටි ඇති බවයි
එහිදී කිසියම් අයකු එය දැක බිය ගැන්වීමත් සමඟ ඔවුන් දිව ගොස් ඇති බව සඳහන්.
මෙම සිසුවා එම ස්ථානයේ සිට මීටර් තුන්සියයක් පමණ දුරක් දිව ගොස් නිවසක් ඉදිරිපිට වසා තිබූ ගේට්ටුවක හැපී ඇත්තේ රාත්‍රී 7.30 ට පමණ බවයි වාර්තා වන්නේ.
සිසුවාගේ අතුරුදන්වීම පිළිබඳව සොයා බැලීමේදී රාත්‍රී 8.30 ට පමණ ගේට්ටුව අසල වැටී සිටියදී ඔහුව සොයාගත් බව පොලිසිය පවසනවා.
ඔහුගේ දේහය මේ වනවිට ගලේවෙල රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ගලේවෙල පොලීසිය පවසනවා.

ඡායාරූප – දඹුල්ල, කාංචන කුමාර