Gossips

පාසල් සිසුවාගේ අත කැපූ සැකකරු අත්අඩංගුවට

හැටන් – යුනිෆීල්ඩ් වතු යායේදී තියුණු ආයුධයකින් පාසල් සිසුවෙකුගේ අත කපා වෙන් කිරීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාසල් සිසුවා සහ සැකකරු අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.
බරපතල තුවාල ලැබූ සිසුවා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
මේ අතර, අප වාර්තාකරු සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසට අද උදෑසන කිසියම් පිරිසක් පහර දී අලාභ හානි සිදුකර ඇති බවයි.