පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සැකකරුවෙකු නිට්ටඹුව – කැටකාවලපිිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 100 ක් ආශ්‍රිතව අද දිනයේ විශේෂ පරීක්ෂා කිරීමක් සිදුකර ඇති අතර, එහිදී ගංජා සමඟ නිට්ටඹුව ප්‍රදේශයේ පාසලක සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
එම සිසුවාගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
