පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් එප්පාවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් විසින් පාසල් සිසුන්ට හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති අලෙවි කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 5 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (22) සිදුකළ වැටලීමකදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය එප්පාවල ප්‍රදේශයට රැගෙනවිත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව සඳහන්.
බොරැල්ල – සහශ්‍ර පුර නිවාස සංකීර්ණයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර ඔහු ඊයේ අලූයම කොළඹ සිට එප්පාවල ප්‍රදේශයේ නිවසකට මත්ද්‍රව්‍ය රැගෙන විත් ඒවා අලෙවි කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම නිවසේ හිමිකරු සහ තවත් සැකකරුවන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම් වලදීයි.
මේ අතර, තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදී මෙතෆෙටමින් හෙවත් අයිස් නැමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් නමැති මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 16 සහ 23 වන හැවිරිදි වියේ පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මේ අතර, රුපියල් කෝටි 2ක් වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 2ක් සමඟ සැකකරුවන් 03 දෙදෙනෙකු ඊයේ (22) පුත්තලම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
