Gossips

පාසල් වෑන්, ත්‍රිරෝද රථ ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහල දැමීම හේතුවෙන් ගාස්තු ඉහල නැංවිය යුතු බවට පාසල් වෑන් රථ සහ ත්‍රිරෝද රථ හිමියන් පවසනවා.
ලංකා ස්වයං රැකියා වෘත්තීකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාම නිසා පළමුවන කිලෝමීටරයට රුපියල් 80 ක මිලක් නියම කිරීමට ඉදිරියේදී සිදුවන බවයි.
කෙසේ වෙතත්, තම සංගමයට මිල ඉහළ දැමීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා ත්‍රිරෝද රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියා.
තවදුරටත් මිල ඉහළ දැමුවහොත් ජනතාව ත්‍රිරෝද රථ මගින් සිය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම අත්හැර දමනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
මේ අතර, සමස්ත ලංකා පාසල් ළමුනි ප්‍රවාහන සංගමයේ සභාපති එල්.මල්ශ්‍රී ද සිල්වා ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ අය කරන ගාස්තු ද ඉහළ දැමීමට තම සංගමය අපේක්ෂාවෙන් පසුවන බවයි.
එසේම, එළවළු ප්‍රවාහනය කරන්නන් ගාස්තු ඉහළ දැමුවහොත් ආපනශාලාවල අලෙවි කරන ආහාර පාන වර්ගවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියා.