Gossips

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවට චෝදනාවක්

බස්නාහිර පළාතේ ඇතැම් අධ්‍යාපන කලාප තුළ වාර විභාග ප්‍රශ්න පත්‍රවල මුල් පිටපත සී.ඞී. තැටි මගින් විදුහල්පතිවරුන්ට ලබාදීම තුළින් මුද්‍රණයේදී අක්‍රමිකතා රැසක් මතුව ඇති බව ගුරු සංගම් පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාර විභාග ප්‍රශ්න පත්‍ර, විභාගයට පෙර පිටවී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙන්නේ.
අප මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි.