Gossips

පාසල් රග්බි ලීග් තරගාවලියේ කණ්ඩායම් සැකැස්ම ප්‍රකාශයට පත් කෙරේ

2019 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් සැකැස්ම දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව විද්‍යා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය නැවතත් මුල්පෙළ පාසල් රග්බි කාණ්ඩයට එක්වීමට නියමිතයි.
මලියදේව පිල මුල් පෙළ සඳහා සුදුසුකම් ලැබුවද ඔවුන් තවදුරටත් දෙවන පෙළ රැඳී සිටීමට තීරණය කිරීම හේතුවෙන් විද්‍යාර්ථ කණ්ඩායම මුලට එක්වනවා.
ලබන වසරේ මුල් පෙළ පාසල් රග්බි ලීග් තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර, ඒ කාණ්ඩයට රාජකීය, ශාන්ත පීතර, කිංග්ස්වුඩ්, වෙස්ලි, ශාන්ත තෝමස් සහ විද්‍යාර්ථ කණ්ඩායම් ඇතුළත්.
ශාන්ත ජෝෂප්, ත්‍රිත්ව, ඉසිපතන, සහිරා, ශාන්ත අන්තෝනි සහ විද්‍යා විද්‍යාල කණ්ඩායම් බී කණ්ඩායම් යටතේ තරග වදිනු ඇති.