මහනුවර පාසල් අතර පැවැත්වීමට නියමිතව තිබූ සියලූ වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග කල් දමා තිබෙනවා.
මීට පෙර ශාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව විද්‍යාලය අතර පාසල් මහා ක්‍රිකට් තරගාවලිය කල් දැමූ බව වාර්තා වුණා.
එසේම, සිල්වෙස්තර – විද්‍යාර්ථ මෙන්ම, කිංස්වුඩ් – ධර්මරාජ, මහා ක්‍රිකට් තරගාවලිය ද කල් දමා තිබෙනවා.
මේ අතර, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය අතර හෙට ආරම්භ වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි වාර්තා වුණේ.
