Gossips

පාසල් නිළ ඇඳුම් වවුචරවල කාලසීමාව පෙබරවාරි 28 දක්වා දීර්ඝ කෙරේ

මේ මස 31 වනදා අවසන්වීමට නියමිතව තිබූ පාසල් නිළ ඇඳුම් වවුචර්වල වලංගු කාලසීමාව ලබන වසරේ පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම පාසල් නිවාඩුව අවසන්වීමට පෙර නිළ ඇඳුම් වවුචර බෙදා හැරීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි ඔහු එහිදී තවදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම පාසල් සිසුන් වෙත ලබාදෙන පෙළ පොත් බෙදා හැරීමේ කටයුතු ද පාසල් නිවාඩුව අවසන් වීමට පෙර අවසන් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.