Gossips

පාසල් නිල ඇඳුම් වවුචර්පත් ජනවාරි දෙවනදා සිට

පාසල් නිල ඇඳුම් වවුචර් පත් ලබන වසරේ ජනවාරි මස 2 වනදා සිට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර වවුචර්පත් සඳහා වූ ගෙවීම් ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම මේ මස 31 වනදා අවසන්වීමට නියමිතව තිබූ පාසල් නිළ ඇඳුම් වවුචර්වල වලංගු කාලසීමාව ලබන වසරේ පෙබරවාරි 28 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළා.
මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සංශෝධන එක් කරන මුවාවෙන් එය අහෝසි කිරීමේ උත්සහයක් ක්‍රියාත්මක වන බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා.
එහි සභාපති මහින්ද ජයසිංහ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පත් කළ කමිටුවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉඩ දිය නොහැකි බවයි.