Gossips

පාසල් දැරියක් දුෂණය කළ විදුහල්පතිවරයා

වයස අවුරුදු නවයක පාසැල් දැරියක් දූෂණය කළ යාපනයේ කයිට්ස් නාරායන ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුට යාපනය මහධිකරණ විනිසුරු එම්.ඉලංචෙලියන් විසින් වසර දහයක සිරදඩුවමක් ඊයේ (21) නියම කොට තිබෙනවා.
මෙම සිර දඩුවමට අමතරව රුපියල් 10,000 ක දඩයක් ද වින්දිත භාවයට පත් පාසල් දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක්ද ගෙවන ලෙස මහධිකරණ විනිසුරුවරයා නියෝග කොට තිබෙනවා.
මෙම දැරිය 2009 නොවැම්බර් මස 4 වෙනිදා පෙරවරු 7.30 ට පමණ විදුහල්පතිවරයාගේ කාමරයේදී දූෂණය කළ බවට විදුහල්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වූ විදුහල්පතිවරයා කයිට්ස් දිසා අධිකරනයේ දී සිදු වූ මූලික නඩු විභාගයකදී ඇප මත නිදහස් වී තිබුණා.
නීතිපතිවරයාගේ උපදෙස් මත අදාල නඩුව යාපනය මහධිකරණයේදී වසරක පමණ කාලයක් විභාග වූ අතර එහිදී ඉදිරිපත් වූ භෞතික හා විද්‍යානුකූල සියළුම සාක්ෂිවලින් විදුහල්පතිවරයා වරදකරු බව ඔප්පු වීම නිසා මහධිකරණ විනිසුරුවරයා මෙම දඩුවම නියම කොට තිබෙනවා.