Gossips

පාසල් දැරියක් දුෂණය කළ අයෙකුට වසර 15ක සිර දඬුවමක්

තණමල්විල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කල සැකකරුවෙකුට බරපතළ වැඩ සහිත වසර 15 ක සිර දඬුවමක් මොණරාගල පළාත් බද මහ අධිකරණය නියම කර තිබෙනවා.
මෙලෙස දඩුවම් නියම වූයේ තණමල්විල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකුටයි.
2010 වසරේදී සැකකරු විසින් මෙම දැරිය පැහැරගෙන ගොස් එදිනම දූෂණය කර ඇති බවටයි පොලිස් පැමිණිල්ලේ සටහන් වී ඇත්තේ.
ඒ අනුව මොනරාගල මහ අධිකරණයේ පැවති නඩු විභාගයේදී සැකකරුට විරුද්ධව එල්ල වී තිබු සියලු චෝදනා වලට ඔහු වැරදිකරු බවට ඔප්පු වී තිබෙනවා.