පාර්ලිමේන්තුවේ හැසිරෙන අයුරු පාසල් දරුවන්ගෙන් ඉගෙනීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුම සහ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ විනය කඩ කරන අය සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක්ද යන්න පිළිබඳව පුළුල්ව සිතා බැලිය යුතු බවයි.
