Gossips

පාසල් තුල සිදුකළ දැනුවත් කිරීම් සමග මත්ද්‍රව්‍ය සදහා පෙළඹවීමේ අඩුවක්

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දිවයින පුරා සියලූම පොලිස් ස්ථාන එක්ව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පසුගිය වසරේදී සිදුකරනු ලැබුවා.
මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇත්තේ තමන් පාසල් කාලය අවසන් වීමෙන් පසු ඒ සදහා පෙළඹවී සිටි බවයි.
ඒ අනුව, මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, පසුගිය වසරේදී වැඩසටහන් 13,765 ක් යටතේ පාසල් ළමයින් දහසය ලක්ෂ 84,000 ක් මෙලෙස දැනුවත් කර තිබෙනවා.
මෙම වැඩසටහන්වල ප්‍රගතියක් ලෙස අවුරුදු 13 ත් 29 ත් අතර, තරුණයින් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ.
ඒ අනුව මේ වසර තුළත් මෙවැනි වැඩසටහන් රැසක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් ආරම්භ කර තිබෙනවා.