පෙරවරු 07.30 ත්, පස්වරු 01.30 ත් අතර පාසල් කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
කුරුණෑගල – පොතුහැර – මහපිටිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බවයි.
