Gossips

පාසල් ක්‍රිකට් වසන්තය ඇරඹේ

පාසල් ක්‍රිකට් වසන්තයේ මහා ක්‍රිකට් තරඟ වාරය අරඹමින්, තර්ස්ටන් – ඉසිපතන සහෝදරයින්ගේ සටන 55 වන වරටත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද (23) ආරම්භ වනවා.
පාසල් දෙක අතර මෙතෙක් පැවති මහා ක්‍රිකට් තරඟ අතුරින් තර්ස්ටන් විද්‍යාලය තරඟ 5 ක් සහ ඉසිපතන විද්‍යාලය තරඟ 4 ක් ජයගෙන ඇති අතර, තරඟ 45 ක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.
මෙවර තර්ස්ටන් පිල නිපුන් ලක්ෂාන් විසින් මෙහෙයවන අතර, ඉසිපතන කණ්ඩායමේ නායකයා වන්නේ අයන සිරිවර්ධනයි.
ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ පිල නියෝජනය කළ ක්‍රීඩකයන්.