Gossips

පාසල් ඉඩමක ගින්නක් (ඡායාරූප)

හැටන් ප්‍රදේශයේ පාසලකට අයත් ඉඩමක අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
තේ සහ ඉලුක් පඳුරු සහිත ඉඩමේ හටගත් ගින්න විදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි දෙසට පැතිර යමින් තිබියදී මැඩ පැවැත්වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඒ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සේවකයන් විසින්.
මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග කිසියම් පිරිසක් ඉඩමට ගිනි තබන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
ගින්න හේතුවෙන් අක්කරයක පමණ භූමි ප්‍රමාණයක් විනාශවී තිබෙනවා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ